නීති විරෝධීව දුම්වැටි තොගයක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට
13 September 2026
නීති විරෝධීව දුම්වැටි තොගයක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට
13 September 2026
නීති විරෝධීව විදෙස් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (12) රාත්‍රියේදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවූ ව්‍යාපාරිකයින් බවද සඳහන් වේ.
සැකකරුවන් විසින් දුම්වැටි තොගය මෙරටට ගෙන්වා කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ මෙය පිටකරගෙන යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු 04ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 106,600ක් අඩංගු දුම්වැටි කාටූන් 533ක් මෙලෙස දිවයිනට රැගෙන විත් තිබේ.
රේගු නිලධාරීන් පැවසුවේ මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි පනස් නව ලක්ෂ අනූ දහසක් පමණ වන බවය.
කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.

