brand logo
logo
දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

12 October 2026

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් යාවත්කාලීන කර නිකුත් කර තිබේ.


මෙම අනතුරු ඇඟවීම අද (12) පස්වරු 4.00 සිට හෙට (13) රාත්‍රී 4:00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වේ.


අනතුරු ඇඟවීමේ මට්ටම් සහ ප්‍රදේශ

අනතුරු ඇඟවීමේ මට්ටම් 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)

කෑගල්ල දිස්ත්‍රික්කය: මාවනැල්ල‍්,රුවන්වැල්ල,බුලත්කොහුපිටිය

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)

බදුල්ල දිස්ත්‍රික්කය ;ඇල්ල, පස්සර

කොළඹ දිස්ත්‍රික්කය: පාදුක්ක

මහනුවර දිස්ත්‍රික්කය: හතරලියද්ද, තුම්පනේ

කෑගල්ල දිස්ත්‍රික්කය: දෙහිඕවිට,කෑගල්ල,රඹුක්කන,යටියන්තොට,අරණායක,වරකාපොළ

මාතලේ දිස්ත්‍රික්කය:අඹන්ගඟ කෝරලේ,රත්තොට,මාතලේ

නුවරඑළිය දිස්ත්‍රික්කය:.හඟුරන්කෙත

රත්නපුර දිස්ත්‍රික්කය:,කුරුවිට,අයගම,⁠ඇහැලියගොඩ,වැලිගෙපොල,රත්නපුර,කලවාන,ඉඹුල්පේ,⁠නිවිතිගල

 

More News..