brand logo
logo
 විදෙස් ජාතිකයෙකු ව්‍යාජ සහ අන්සතු පාස්පෝට් සමඟ අත්අඩංගුවට

විදෙස් ජාතිකයෙකු ව්‍යාජ සහ අන්සතු පාස්පෝට් සමඟ අත්අඩංගුවට

14 October 2026


ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර 02ක්, අන්සතු විදෙස් ගමන් බලපත්‍ර 04ක් සහ තීරු බදු රහිතව මෙරටට රැගෙන එන ලද විවිධ වර්ගයේ දුම්වැටි 16ක් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.


ඊයේ (13) කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ ජස්ටිස් අක්බාර් මාවත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.


සැකකරු වයස අවුරුදු 38ක් වන චීන ජාතිකයෙකි.


වැඩිදුර විමර්ශනයේදී සැකකරු චීනයේ අපරාධ රැසකට සම්බන්ධ දැනට එරට වරෙන්තු නිකුත් කර සිටින සැකකරුවෙකු බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


 

 

More News..