2026 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කරයි
18 June 2026
2026 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කරයි
18 June 2026
2026 අයවැය යෝජනා අනුව අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති සහ විශේෂ ප්‍රතිපත්තිමය අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම සාකච්ඡාව ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සහ ඒවා විසඳීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ආරක්ෂක, මුදල් හා ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන, වරාය හා සිවිල් ගුවන් සේවා ඇතුළු අමාත්‍යාංශ රැසක් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කරන ලදී.
එමෙන්ම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා, කාන්තා හා ළමා කටයුතු, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම්, මහජන ආරක්ෂක, තරුණ කටයුතු හා ක්‍රීඩා, පරිසර, නිවාස හා ජලසම්පාදන යන අමාත්‍යාංශ යටතේ ඇති ව්‍යාපෘති පිළිබඳවද අවධානය යොමු විය.
මතුව ඇති ගැටලු විසඳීම සඳහා අදාළ සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා, ව්‍යාපෘති කඩිනමින් අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදීම සියලු දෙනාගේ වගකීමක් බව අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවට ජනාධිපති කාර්යාලයේ සහ අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන්, මුදල් කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

