මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය තවදුරටත් සීමා කරයි
10 June 2026
මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය තවදුරටත් සීමා කරයි
10 June 2026
"දිව්වා" සුළි කුණාටුව හේතුවෙන් ගිරිඋල්ල පොලිස් වසමේ පිහිටි මා ඔයේ ජල පහරට ගසා ගෙන එන ලද උණ පදුරු, ගස් මුල් සිරවීම හේතුවෙන් එම සුන්බුන් ඉවත් කිරීම තවදුරටත් හෙට 11 සහ අනිද්දා 12 යන දිනයන්හි ද සිදුකරන බවට නිට්ටඹුව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු අංශය විසින් දැනුම් දී ඇත.
ඒ අනුව, ඉහත දෙදින තුල උදෑසන 8 සිට සවස 5 දක්වා කාලය තුළ මෙම සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදුකරන බැවින් මා ඔය පාලම මතින් ගමන් ගන්නා සියළුම රථවාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියැදුරන් හා මහජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටියි.
පන්නල දෙස සිට ගිරිඋල්ල පාලම හරහා කොළඹ 05 මාර්ගයට පිවිසෙන රථ වාහන බෝපිටිය, මැල්ලවලාන හන්දියෙන් කොටදෙනියාව මාර්ගය ඔස්සේ කොළඹ 05 මාර්ගයට ඇතුළුවීම.
කුරුණෑගල දෙස සිට කොළඹ 05 මාර්ගයට පිවිසෙන රථවාහන මාහරගම, බෝයවලාන හන්දිය, නවතල්වත්ත, අඹේපුස්ස, කණ්ඩලම හරහා ගිරිඋල්ල මාර්ගයට පිවිස හද්දමුල්ල හන්දියෙන් කොළඹ 05 මාර්ගයට පිවිසිය හැකිය.
කොළඹ දෙස සිට ගිරිඋල්ල පාලම හරහා කුරුණෑගල දෙසට හා ගිරිඋල්ල නගරයට පැමිණෙන රථවාහන කොටදෙනියාව, මැල්ල වලාන හරහා බෝපිටිය මාර්ගය ඔස්සේ කුරුණෑගල මීගමුව මාර්ගයට පිවිසිය හැකිය.
නිට්ටඹුව දෙස සිට ගිරිඋල්ල ණගරයට හා කුරුණෑගල මාර්ගයට පිවිසෙන රථවාහන කණ්ඩලම, අබේපුස්ස (ගොවිපොල හන්දිය), නවතල්වත්ත, බෝයවලාන හරහා මහරගම හන්දියෙන් මීගමුව කුරුණෑගල මාර්ගයට පිවිසිය හැක.

