ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 111ක ඉලක්කයක්
27 October 2026
ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 111ක ඉලක්කයක්
27 October 2026
තුන්කොන් එක්දින තරගාවලියේ ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය අද (27) ලාහෝර් හිදී පැවත්වේ.
තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තරගය ආරම්භ විය.
තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථානයට ආරාධනා කළේය.
ඒ අනුව පිටියට පිවිසි පාකිස්ථානය කණ්ඩායමට පන්දුවාර 25යි පන්දු 02කට පමණක් මුහුණදෙමින් සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 110ක් පමණයි.
ශ්රී ලංකාව වෙනුවෙන් දිල්ෂාන් මදුශංක කඩුලු 05ක් සහ සහන ආරච්චිගේ කඩුලු 02ක් දවා ගනීමට සමත් විය.
තුන්කොන් තරගාවලියේ අවසන් තරගය සඳහා පාකිස්ථාන කණ්ඩායම මේ වනවිටත් සුදුසකම් ලබා ඇති අතර, ශ්රී ලංකාව අද තරගය ජයගතහොත් අවසන් තරගයට පිවිසීමේ ඉහළ හැකියාව පවතිනවා.
එංගලන්තය සමඟ පැවති තරගය ඉතා විශිෂ්ඨ ලෙස ජයගත් ශ්රී ලංකාව ජයග්රාහි මානසිකත්වයක් යුතුව අද ටරගයට පිවිසෙයි.
මේ අතර පාකිස්ථාන කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් අද තරගයේ දී සිදු කිරීම නියමිත බවයි එරටින් වාර්තා වේ.
ඒ අනුව සයිම් අයූගේ ඉවත්ව යාමෙන් පසු ආරම්භක පිතිකරුවෙකු ලෙස සාහිබ්සාදා ෆර්හාන් අද තරගයේ දී පාකිස්ථාන කණ්ඩායමට එක්වීමට නියමිතව තිබේ.
මේ අතර එංගලන්තය සමඟ ක්රීඩා කළ ජයග්රාහී ශ්රී ලංකා කණ්ඩායම කිසිඳු වෙනස් කමක් නොකර අද තරගය එක්වනු ඇති බවයි ක්රිකට් විචාරකන් මත පළ කරයි.

