brand logo
logo
මට්ටක්කුලියේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

මට්ටක්කුලියේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

23 July 2026

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට අද (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.


කුඩා දරුවෙකුගේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ උත්සව ශාලාවකට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වේ.


වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර, පසුව ඔහු මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

More News..