දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්
03 November 2026
දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්
03 November 2026
ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් දිවයිනේ ප්‍රදේශ රැසකට අකුණු පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අද දින (03) පස්වරු 01:00 ට ආරම්භ වූ මෙම අනතුරු ඇඟවීම හෙට දින (04) අලුයම 01:00 දක්වා බලපැවැත්වේ.
මෙම කාලය තුළ අදාළ ප්‍රදේශවල තැනින් තැන ප්‍රබල අකුණු සහිත ගිගුරුම් වැසි ඇති විය හැකි බවට අනතුරු ඇඟවෙයි.
බලපෑම ඇතිවිය හැකි ප්‍රදේශ
අනුරාධපුර - අනුරාධපුර නව නගරය, ඉපලෝගම, කහටගස්දිගිලිය, කැකිරාව, කැබිතිගොල්ලෑව, ගලෙන්බිඳුනුවැව, තිරප්පනේ, පදවිය, පලාගල, පලුගස්වැව, මැදවච්චිය, මිහින්තලේ, රම්බෙව, හොරොව්පතාන
අම්පාර - අඩ්ඩාලච්චේනයි, උහන, ඩමන, තිරුකෝවිල්, දෙහිඅත්තකණ්ඩිය 1, දෙහිඅත්තකණ්ඩිය 2, නමලෝය, නින්ටාවුර්, පදියතලාව, පොතුවිල්, මහඔය, ලහුගල, සම්මන්තුරෛ
කෑගල්ල - අරණායක, මාවනැල්ල
කිලිනොච්චිය - කන්ඩාවලයි, කරච්චි
කුරුණෑගල - ඉබ්බාගමුව, ගනේවත්ත, පොල්පිතිගම, මල්ලවපිටිය, මාවතගම, රිදිගම, වාරියපොළ
ත්‍රිකුණාමලය - සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
නුවරඑලිය - කොත්මලේ, වලපනේ, හඟුරන්කෙත
පොළොන්නරුව - සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
බදුල්ල - සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
මඩකලපුව - එරාවුර් පට්ටු, කෝරලපත්තුව, කෝරලපත්තුව උතුර, පොරතිව් පට්ටු, මන්මුනයි උතුරු, මන්මුනයි දකුණු බටහිර, මන්මුනයි බටහිර
මහනුවර - සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
මාතලේ - සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
මුලතිව් - ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩියිරුප්පු, මුලතිව්
මොනරගල - කතරගම, බඩල්කුඹුර, බිබිලේ, බුත්තල, මඩුල්ල, මැදගම, වැල්ලවාය, සියඹලාණ්ඩුව
යාපනය - වඩමරච්චි නැගෙනහිර
වව්නියාව - නෙඩුන්කේනි, වවුනියාව දකුණු (දෙමළ), වවුනියාව දකුණු (සිංහල)

