brand logo
logo
රත්මලානේ වෙඩි තැබීමකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අල්ලයි

රත්මලානේ වෙඩි තැබීමකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අල්ලයි

14 August 2026

රත්මලාන කඳවල හන්දිය ආසන්නයේදී පසුගියදා වෙඩි තබා සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය 01 වැනිදා ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන කඳවල හන්දිය අසලදී සිදුවූ මෙම වෙඩි තබා සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.


විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (13) අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු රත්මලාන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. 


තවත් සැකකරුවෙකු එදිනම දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබේ.


අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 41 සහ 48 යන වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.


මෙම සැකකරුවන් විසින් අපරාධය සඳහා ගිනි අවි ප්‍රවාහනය කර ඇති බවටත්, වෙඩික්කරුට සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් සපයා දෙමින් ආධාර අනුබල දී ඇති බවටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.


ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.


 

More News..