brand logo
logo
ගුරු සේවයට බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්

ගුරු සේවයට බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්

28 November 2023

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.


අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ද මේ බව ප්‍රකාශ කර තිබුණි.


- උපුටාගැනීම -


සංවර්ධන නිලධාරීන් දැනටමත් රාජ්‍ය සේවකයන් වේ. 2019 වර්ෂයේ දී සංවර්ධන නිලධාරීන් 20,000කට පමණ විශේෂයෙන් පළාත් පාසල්වල පුහුණු වීමට අවස්ථාව ලබාදී ඇත.


තව ද, මෙම පිරිස ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ හැක්කේ ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලවය. ඒ අනුව සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිතිවල එකඟතාව ද ඇති ව විභාග පවත්වන දිනට වයස අවුරුදු 40 දක්වා දීර්ඝ කර, රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඇතිව, බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා, එම විභාගය 2023-03-25 දිනට නියම කර තිබිය දී 2023-03-23 දින මෙම නිලධාරීන්ගෙන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනුකර විභාගය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් ගැනීම නිසා එම නඩුව තවමත් විභාග වෙමින් පවතී.


මෙම බඳවාගැනීමට බාධාවක් නොවන ලෙස මෙම නඩුව කඩිනමින් අවසන් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයට අවශ්‍ය වී ඇත.


ඉන්පසු ගුරුවරුන් විශ්‍රාමයාම හා සේවය හැරයාම මත ඇති වූ පුරප්පාඩු සඳහා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව උපාධිධාරීන් බඳවා ගැනීමට පළාත් බලධාරීන් කටයුතු කර ඇත. විද්‍යා, ගණිත, විදේශ භාෂා උපාධිධාරීන් බඳවාගැනීමට ගුරුසේවා ව්‍යවස්ථාව අනුව කටයුතු කර ඇත.


මෙම බඳවාගැනීම් මඟින් පුහුණුවන සංවර්ධන නිලධාරීන් බඳවාගැනීමට බලපෑමක් සිදුනොවේ.


එමනිසා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව කඩිනමින් අවසන් වූ පසු ව ලැබෙන නියෝගය මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරනු ලැබේ.


- උපුටාගැනීම අවසන් - 


 

More News..