හසීනාගේ යළි පැමිණීමේ සැලසුම් මැද බංග්ලාදේශයේ ආරක්ෂාව තර කෙරේ
27 November 2026
හසීනාගේ යළි පැමිණීමේ සැලසුම් මැද බංග්ලාදේශයේ ආරක්ෂාව තර කෙරේ
27 November 2026
බංග්ලාදේශයේ බලයෙන් පහ කෙරුණු හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ හිටපු නියෝජ්‍ය මාධ්‍ය ලේකම්වරයා ඇතුළු තිදෙනෙකු ඩකා අගනුවරදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෂෙයික් හසීනාගේ හිටපු නියෝජ්‍ය මාධ්‍ය ලේකම් කේ.එම්. ෂකාවත් මූන් (K.M. Shakhawat Moon) සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සමඟ අත්අඩංගුවට පත් වූ සෙසු දෙදෙනා හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු සහ ආදායම් බදු නීතිඥවරයෙකු බව සඳහන් වේ. ඩකා නුවරදී ඔවුන් තිදෙනා රඳවා ගැනීමෙන් පසු පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරයි.
මේ අතර, ලබන මාසයේදී ෂෙයික් හසීනා යළි සිය රට බලා පැමිණීමට සැලසුම් කර තිබීමත් සමඟ හටගෙන ඇති දේශපාලන නොසන්සුන්තාව හේතුවෙන් බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක කිහිපයක ආරක්ෂාව දැඩි කර ඇත.
ඒ යටතේ, ෂෙයික් හසීනාගේ උපන් ගම පිහිටි ගෝපාල්ගන්ජ් (Gopalganj) දිස්ත්‍රික්කයට ද විශේෂ ආරක්ෂක බළකායක් යෙදවීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.


