කන්දේ විහාරයේ ඇතෙකු පහරදීමෙන් සංචාරක මගපෙන්වන්නෙකු මිය යයි
26 October 2026
කන්දේ විහාරයේ ඇතෙකු පහරදීමෙන් සංචාරක මගපෙන්වන්නෙකු මිය යයි
26 October 2026
අලුත්ගම කන්දේ විහාරයේ සිටි ඇතෙකු කළ පහරදීමකින් සංචාරක මගපෙන්වන්නෙකු අද (26) දහවල් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අහුංගල්ල ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
විදේශීය සංචාරකයින් පිරිසක් කැඳවාගෙන වෑන් රථයකින් කන්දේ විහාරස්ථානයට පැමිණි අදාළ මගපෙන්වන්නා, එහි සිටි ඇතාට පලතුරු වට්ටියක් දීමට ගිය අවස්ථාවේදී මෙම ප්රහාරයට ලක්ව ඇත.
පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ ඔහු වහාම බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෘත ශරීරය දැනට බලපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබා ඇත.

