ජනපතිට තායිලන්තයේ නිල සංචාරයකට ඇරයුම්
23 November 2026
ජනපතිට තායිලන්තයේ නිල සංචාරයකට ඇරයුම්
23 November 2026
ඉදිරියේදී තායිලන්තයේ නිල සංචාරයකට එක්වන ලෙස තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහාසක් ෆුවාන්ග්කෙට්කියෝ (Sihasak Phuangketkeow) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කර තිබේ.
මෙරට නිල සංචාරයක නිරත තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඊයේ (22) පැවති ද්විපාර්ශ්වික හමුවේදී මෙම ආරාධනය සිදු කෙරිණි.
ඒ අතරම, ලබන වසරේ අගෝස්තු මාසයේ පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහර නැරඹීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළේය.
තායිලන්තයේ මහා වජිරලොංකෝන් රජතුමාගේ රාජකීය නියෝජිතයා ලෙස මහනුවර අස්ගිරි මහා විහාරයේ පැවැත්වෙන රාජකීය කඨින චීවර පූජා පුණ්‍යෝත්සවයට සහභාගී වීම සඳහා සිහාසක් ෆුවාන්ග්කෙට්කියෝ මහතා මෙරටට පැමිණ සිටී.
දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා මෙවැනි රාජ්‍යතාන්ත්‍රික සංචාර මගින් තවදුරටත් ශක්තිමත් වන බව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කළේය.
එමෙන්ම, ද්විපාර්ශ්වික හමුවේදී තවත් කරුණු කිහිපයක් කෙරෙහි නායක දෙපළගේ විශේෂ අවධානය යොමු විය.
වෙළෙඳ, ආයෝජන, සංචාරක සහ විදේශ රැකියා ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීමට නායකයෝ එකඟ වූහ.
විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අවශ්‍ය තාක්ෂණික සහාය ඕනෑම අවස්ථාවක ලබාදීමට තායිලන්තය සූදානම් බව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසීය.
තායිලන්තයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තම රටේ පුරවැසියන්ට හා සමානව සලකන බවත්, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය පිළිබඳව පූර්ණ වගකීම දරන බවත් තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.


