විදෙස් ශ්‍රමිකයන් 60දෙනෙකු වාහන ආනයනය කරයි
05 April 2023 | අශිකා ජයවීර
විදෙස් ශ්‍රමිකයන් 60දෙනෙකු වාහන ආනයනය කරයි
05 April 2023 | අශිකා ජයවීර
විද්‍යුත් වාහන ආනයනය කිරීමේ අවසරය මත විදෙස්ගත ශ්‍රමිකයන් 60 දෙනකු මේ වන විට වාහන ආනයනය කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.
එම විද්‍යුත් වාහන ආනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන හතක මුදලක් රජයට බදු වශයෙන් ලැබී තිබේ. විදෙස් රටවල සිට මෙරටට මුදල් එවන ශ්‍රමිකයන්ට පමණක් විද්‍යුත් වාහන ආනයනය කිරීමේ හැකියාව පවතින අතර, ඔවුන්ට එම වාහන ආනයනය කිරීම සඳහා ලබාදුන් කාල සීමාව මෙම වසරේ අගෝස්තු මාසය දක්වා දීර්ඝ කර ඇත.
පෞද්ගලික වශයෙන් මෙරටට ඩොලර් ගෙන්වා ගන්නා අනෙක් පුද්ගලයන්ට ද විද්‍යුත් වාහන ආනයනය බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවද එම අමාත්‍යංශය සඳහන් කළේය.
එමෙන්ම පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර පැවසුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මහ බැංකුව, රේගුව සහ සියලුම බැංකු සමග දීර්ඝ සාකච්ඡාවකින් පසුව විදේශ ගත ශ්‍රමිකයන්ට අඩු පොලියකට ණය ලබාදීමට කටයුතු කරන බවයි.
ඒ සඳහා වන අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය පවා මේ වන විට ලබාදී ඇති අතර, විදේශ ගත ශ්‍රමිකයා රටට එවා තිබෙන මුදල් ප්‍රමාණය මත පදනම්ව තෑගි වවුචර ලබාදීමේ ක්‍රමවේදයක් ද හඳුන්වා දෙන බව ඔහු එහිදී පැවසුවේය.