brand logo
logo
දියවැලකට හසුවී ගසාගෙන ගිය පුද්ගලයින් 07දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගනී

දියවැලකට හසුවී ගසාගෙන ගිය පුද්ගලයින් 07දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගනී

04 February 2026 | ගලෙන්බිඳුණුවැව ඉසුරු කාවින්ද


ත්‍රිකුණාමලය නිලාවේලි මහජන වෙරලේ දියනාමින් සිටි 07 දෙනෙකු දියවැලකට හසුවී ගසාගෙන යාමේදී ත්‍රිකුණාමලය ඇලස්වත්ත පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිළධාරීන් සහ නාවික හමුදා වෙරළාරක්ෂක නිලධාරීන් එක්ව ඔවුන් නිරුපද්‍රිතව බේරාගෙන ඔවුන්ට මූලික ප්‍රතිකාර ලබාදී තිබේ.


මොවුන් තවත් 30 දෙනෙකු සමඟ කෑගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණ ඇති අතර විනෝද චාරිකාව අවසන් කර මුහුදේ විනෝද වෙමින් සිටින අවස්ථාවේ දියවැලට හසුව තිබේ.


අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දෙදෙනෙකු 1990 සුවසැරිය ආධාරයෙන් නිලාවේලි ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.



 

More News..