නාලන්දා සියවස් සැමරුමේ ක්‍රීඩා සැණකෙළිය අද ඇරැඹේ
30 July 2026 | නදුන්ක නෙත්සර
නාලන්දා සියවස් සැමරුමේ ක්‍රීඩා සැණකෙළිය අද ඇරැඹේ
30 July 2026 | නදුන්ක නෙත්සර
කොළඹ නාලන්දා විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කරන 'ස්පෝර්ට්ස් ෆියෙස්ටා' ආරාධිත පාසල් ක්‍රීඩා සැණකෙළිය, පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලිය සමගින් අද (30 වැනිදා) නාලන්දා විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ඇරැඹෙන අතර මෙම ක්‍රීඩා සැණකෙළිය සඳහා ඉසව් 10ක් ඇතුළත්වීම විශ්ෂත්වයකි.
අදියර දෙකක් යටතේ පැවැත්වෙන මෙම ක්‍රීඩා සැණකෙළිය දින 17ක් පුරා පැවැත්වීමට සැලසුම්කර ඇති අතර බාලක බාලිකා පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2600ක් පමණ සහ ප්‍රේක්ෂකයන් 10,000ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂිතය. අද සහ හෙට (31 වැනිදා) දිනවල ක්‍රිකට් තරගාවලිය සහ අගෝස්තු 6 සහ 7 දිනවල පාපන්දු තරගාවලියද පැවැත්වේ. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නිමාවෙන් අනතුරුව පැවැත්වෙන දෙවැනි අදියර යටතේ මලල ක්‍රීඩා, පැසිපන්දු, බොක්සිං, හොකී, රග්බි, පිහිනුම්, වෝටර් පෝලෝ සහ බටහිර තූර්ය වාදක තරග පැවැත්වීමට නියමිතය.
නාලන්දා විද්‍යාලය සහ ආදි නාලන්දීය ක්‍රීඩා සමාජය සංවිධාන කරන මෙම ක්‍රීඩා සැණකෙළිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඉකුත්දා ආදි නාලන්දීය ක්‍රීඩා සමාජයේ සභාපති දිනුක චන්ද්‍රරත්නගේ ප්‍රධානත්වයෙන් නාලන්දා විද්‍යාල පරිශ්‍රයේදී පැවැති අතර එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා, මේ සඳහා සහභාගිවන කිසිදු කණ්ඩායමකින් ඇතුළත්වීමේ ගාස්තු අය නොකරන බව ප්‍රකාශ කළේය.

