හර්ෂිතා ප්රමුඛ කාන්තා ක්‍රිකට් පිල අද අයර්ලන්තයට එරෙහිව සටනේ
12 November 2026
හර්ෂිතා ප්රමුඛ කාන්තා ක්‍රිකට් පිල අද අයර්ලන්තයට එරෙහිව සටනේ
12 November 2026
කණ්ඩායම් 10ක් තරග වදින අයි.සී.සී. 'එමර්ජින් නේෂන්ස්' විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (12 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භවන අතර තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර මෙරට වේලාවෙන් උදෑසන 10.30ට ඇරැඹීමට නියමිතය.
කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් ඉකුත් වසරේ හඳුන්වාදුන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගිවන පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකාව සමගින් තරගාවලිය සඳහා අයි.සී.සී. පූර්ණ සාමාජික රටවල් ලෙස අයර්ලන්තය, බංග්ලාදේශය, පාකිස්තානය සහ සිම්බාබ්වේ සහභාගි වේ. 'ඒ' කාණ්ඩයට ඇතුළත් ශ්‍රී ලංකා කණ්ඩායම හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් තරග කරන අතර කවීෂා දිල්හාරි උපනායිකාව ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි තරගය අනිද්දා (13 වැනිදා) ස්කොට්ලන්තය සමගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර අනතුරුව 15 වැනිදා පැපුවානිව්ගිනියාව සමගත්, මූලික වටයේ අවසන් තරගය 16 වැනිදා එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමගත් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.
මූලික වටයෙන් අනතුරුව සුපිරි හයදෙනාගේ වටයක් 20 වැනිදා 23 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අනතුරුව අවසන් මහා තරගය නොවැම්බර් 25 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.


