කටු පොල් ගසෙනුත් රා
08 August 2026 | සාලිය කුමාර ගුණසේකර
කටු පොල් ගසෙනුත් රා
08 August 2026 | සාලිය කුමාර ගුණසේකර
කටු පොල් ගසෙන් (Palm Tree) රා නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බව එම වගාවට සම්බන්ධ පර්‌යේෂකයෝ කියා සිටිති. කටු පොල් ගසෙන් ලබා ගත හැකි මෙම ස්‍රාවයෙන් රා වැනි පානයක් නිෂ්පාදනය කළ හැකි වුවත්, එය මිල අධික පානයක් වනු ඇතැයි කටු පොල් ක්ෂේත්‍රයේ නිරත ප්‍රවීණයෝ කියා සිටිති. කටු පොල් වගාව සම්බන්ධව ගාල්ල, නාකියාදෙණිය වටවල වැවිලි සමාගම සංවිධානය කරන ලද වැඩසටහනකදී, රබර් වගාව සම්බන්ධ පර්ෙය්ෂකයකු වන මහාචාර්ය අශෝක නුගවෙල කියා සිටියේ ගානා වැනි රටවල්වල කටු පොල් වගාවෙන් රා නිෂ්පාදනය කෙරෙන බවය.
ඝානා වැනි රටවල්වල රබර් වගාව ව්‍යාප්ත කරන අතරතුර කටු පොල් වගාවද විශාල වශයෙන් වගා කෙරෙන බවත්, ආර්ථික ආයු කාලය අවසන් වී බිම හෙළන ලද කටු පොල් ගස් ගොබයෙන් දිනකට බෝතල් 6ත් 10ත් අතර ප්‍රමාණයක් රා නිෂ්පාදනය කෙරෙන බවත් ඔහු පැවැසුවේය.
කටු පොල්වලින් වැඩිම ආදායමක් උපයා ගත හැකි කාලය එය බවට ගානා රටේ කටු පොල් වගාවේ නිරත පිරිස පවසන බව ද මහාචාර්යවරයා කීවේය. එලෙස බිම හෙලන ලද ගසකින් මාස හයක පමණ කාලයක් මෙලෙස රා ලබා ගැනීමේ හැකියාව පවතින බවද ඔහු පැවැසුවේය.
ගාල්ල, නාකියාදෙණිය වතු යායේ බිම දමන ලද කටු පොල් ගසක් යොදාගෙන කරන ලද පර්ෙය්ෂණයකට අනුව එවැනිම ආකාරයටම රා ලබාගත් බවත්, එම රා පරීක්ෂා කිරීමට ස්කාගාර සංස්ථාවට යැවූ බවත්, ඉන් රා නිෂ්පාදනය කළහැකි බව එම සංස්ථාවෙන් දැනුම් දුන් බවත් ඔහු පැවැසුවේය.
මෙවැනි පානයන් නිෂ්පාදනය කර අපනයනය කිරීමට හැකිනම් විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව පවතින බව ද කටු පොල් ක්ෂේත්‍රයේ නිරත පිරිස පවසති.

