brand logoaward badge
රන් මිල සැලකිය යුතු ලෙස පහළට

රන් මිල සැලකිය යුතු ලෙස පහළට

09 May 2025



පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (09) සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.


ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 983,946ක් දක්වා පහළ ගොස් ඇති බවට වාර්තා වේ.


එය ඊයේ (08) සටහන් වුණේ රුපියල් 1,023,227ක් ලෙසය.


එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 254,550ක් දක්වා පහළ ගොස් තිබේ.


එහි අගය ඊයේ රුපියල් 264,750ක් ලෙස සටහන් විය .


මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 31,820ක් දක්වා පහළ ගොස් ඇති බවට වාර්තා වේ.


කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 34,710ක් දක්වා පහළ ගොස් තිබේ.


 

More News..