Best News Website award
brand logo
logo
 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

15 November 2026


දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ තිබේ.


මිය යන විට ඒ මහතා 69 හැවිරිදි වියේ පසුවිය.


දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවට තේරි පත්වූ ඒ මහතා වර්තමානයේ වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා ලෙසද කටයුතු කළේය.


පසුගිය කාලසීමාව තුළ රෝගී තත්ත්වයෙන් පසුවූ ඒ මහතා ඊයේ (14) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.


පසුගිය 2001 හා 2004 වර්ෂයන් හිදී දෙමළ ජාතික සන්ධානය තුළින් යාපනය දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කළ ඒ මහතා එම අවස්ථා දෙකෙහිදිම පාර්ලිමේන්තුව නියෝජනය කළේය.


 

More News..