brand logo
logo
අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයෙකු අත්අඩංගුවට

17 August 2026

අහුංගල්ල, ගල්බොක්ක ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


අහුංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.


ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 204 මිලිග්‍රෑම් 660ක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.


පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 19ක් වන කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.


සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

More News..