ලෝක බැංකුවෙන් මෙරට ආයෝජනවලට දිගුකාලීන රුපියල් ණය පහසුකම්
26 November 2026
ලෝක බැංකුවෙන් මෙරට ආයෝජනවලට දිගුකාලීන රුපියල් ණය පහසුකම්
26 November 2026
ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදුවන විදේශ විනිමය අවදානම අවම කිරීමට සහ පුනර්ජනනීය බලශක්ති හා යටිතල පහසුකම් ක්ෂේත්රයන්හි නව පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම සඳහා, දිගුකාලීන ශ්‍රී ලංකා රුපියල් මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථා පුළුල් කිරීමට ලෝක බැංකු සමූහය පියවර ගෙන ඇත.
ආසියානු කලාපයේ මෙවැනි ආකාරයේ ප්‍රථම ගනුදෙනුව ලෙස සනිටුහන් වන මෙමඟින්, ලෝක බැංකු සමූහයේ භාණ්ඩාගාරය (World Bank Group Treasury) විසින් පෞද්ගලික අංශය කෙරෙහි අවධානය යොමු කරන එහි සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ 'HSBC Sri Lanka' ආයතනය අතර සය අවුරුදු ශ්‍රී ලංකා රුපියල් ණය ගැනීමේ මාර්ගයක් සකස් කර තිබේ.
අමෙරිකානු ඩොලර් මිලියන 5කට සමාන වටිනාකමකින් යුත් මෙම ස්ථාවර පොලී අනුපාත පහසුකම, IFC ආයතනය විසින් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ ප්‍රථම ණය ගැනීමේ මාර්ගය ලෙස ද සැලකේ.
මෙම නව පහසුකම හරහා මේ වන විටත් මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය සඳහා දිගුකාලීන මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, ලෝක බැංකු සමූහයේ භාණ්ඩාගාරය මඟින් සම්පාදනය කරන ලද අතිරේක දේශීය මුදල් අරමුදල් ද සමඟින්, ශ්‍රී ලංකාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති සමාගමකට අමෙරිකානු ඩොලර් මිලියන 10ක වටිනාකමකින් යුත්, වසර 10ක රුපියල් ණයක් ලබා දීමට IFC ආයතනය කටයුතු කර තිබේ.


