brand logo
logo
හුරුළුවැව වම් ඉවුර මහා විදුහලේ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට

හුරුළුවැව වම් ඉවුර මහා විදුහලේ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට

17 October 2026


ගලෙන්බිඳුණුවැව, හුරුළුවැව වම් ඉවුර මහා විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ලේ පළමු මහල සිසු අයිතියට පත්කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.


​1 වසරේ සිට 13 වසර දක්වා පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 800 ක් පමණ අධ්‍යාපනය ලබති.


දීර්ඝ කාලයක සිට පැවැති පන්ති කාමර හිඟයට පිළියමක් ලෙස ඉදිකළ මෙම දෙමහල් ගොඩනැගිල්ලේ පළමු මහල වෙනුවෙන් උතුරු මැද පළාත් සභා අරමුදලින් වැය කර ඇති මුදල රුපියල් මිලියන 27 කි.


​එහිදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මෙසේ පැවසීය:


​"වසර දහස් ගණනක අතීත උරුමයන් සහ බුද්ධිමතුන් සිටි අපේ රටට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කරගැනීමට පසුගිය දශක කිහිපය පුරාවටම අපට නොහැකි වුණා. අධිරාජ්‍යවාදීන් විසින් ඔවුන්ගේ අවශ්‍යතා සහ ශ්‍රමය ලබාගැනීම වෙනුවෙන් සකස් කළ අධ්‍යාපන ක්‍රමය තවමත් පවත්වාගෙන යාම මීට ප්‍රධාන හේතුවක්. නමුත් වර්තමාන රජය යටතේ, ලෝකය ජයගත හැකි, බුද්ධිමත් හා සුදුසු පුරවැසියන් බිහිකිරීම සඳහා විධිමත් හා නිසි සැලැස්මකට අනුව අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට පියවර ගනිමින් සිටිනවා."

 

More News..