ගොවීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සඳහා ඉන්ධන නිකුත් කිරීමට නව QR ක්‍රමවේදයක්
28 March 2026
ගොවීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සඳහා ඉන්ධන නිකුත් කිරීමට නව QR ක්‍රමවේදයක්
28 March 2026
කෘෂි කර්මාන්තය සහ තවත් පාර්ශ්ව කිහිපයක් සඳහා ඉන්ධන නිකුත් කිරීමට නව QR ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එම සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා පැවසුවේ මේ සඳහා වාහන රහිත QR ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගන්නා බවය.
නව QR ක්‍රමවේදය මේ වන විට නිර්මාණය කරමින් පවතින බවත් පැවසූ රාජකරුණා මහතා සඳහන් කළේ මෙය ගොවීන්, ධීවරයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක ඔවුන්ගේ ඉන්ධන අවශ්‍යතා සඳහා නිර්මාණය කරන බවය.
ග්‍රාමසේවක සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත තමන්ගේ ඉන්ධන අවශ්‍යතාවය සම්බන්ධව දැනුවත් කර මෙම නව QR ක්‍රමවේදය නිර්මාණය කර ගත හැකි බවත් පැවසූ ඒ මහතා පැවසුවේ මෙම නව QR කේතය එම පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් අංකයට නිර්මාණය වන බවය.
මෙම නව QR කේතය ක්‍රම කිහිපයක් යටතේ නිර්මාණය වන බවත් ඒ අනුව එහි කාණ්ඩ 7ක් යටතේ ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතින බව පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ මෙම කාණ්ඩ සඳහා ඉන්ධන කොපමණ ප්‍රමාණයක් ලබා දෙන්නේද යන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරන බවය.
මෙම නව ක්‍රමවේදය ඉදිරියේදී හඳුන්වාදීමට පියවර ගන්නා බවත් මේ හරහා ගොවීන්, ධීවරයින් ආදී වාහන රහිත ඉන්ධන භාවිත කර නොයෙකුත් ව්‍යාපාර සහ සිය අවශ්‍යතා සඳහා ඉන්ධන භාවිත කරන සියලු පාර්ශ්වයන්ගේ ඉන්ධන අවශ්‍යතා සපුරාලීමට හැකියාව ලැබෙනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

