නිලධාරින් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්
14 November 2026 | ඉෂාර රත්නකාර
නිලධාරින් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්
14 November 2026 | ඉෂාර රත්නකාර
පොලිස් නිලධාරීන්ගේ ශාරීරික යෝග්‍යතාවය නිසි පරිදි පවත්වාගෙන යෑම සඳහා සියලු පොලිස් ස්ථානවල කායවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
පොලිස් නිලධාරීන්ගේ ශාරීරික යෝග්‍යතාවය පොලිස් ස්ථාන මට්ටමින් පරීක්ෂා කිරීමට හැකිවන පරිදි, සියලු පොලිස් ස්ථානවල කුඩා කායවර්ධන මධ්‍යස්ථාන (Mini Gim) වොලිබෝල් සහ බැට්මින්ටන් ක්‍රීඩා කළ හැකි කෝට් එකක් පිහිටුවීමට කටයුතු කරන බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසයි.
‘‘පොලිස් නිලධාරින්ගේ රාජකාරි ආතතිය මඟ හරවා ගැනීමට හොඳම දේ ක්‍රීඩාව බව මා විශ්වාස කරනවා. ඒ නිසා ක්‍රීඩා කටයුතු පොලිස් ස්ථාන මට්ටමින් කිරීමට හැකි වන අයුරින් සකස් කළ යුතුයි. නිලධාරින් අයථා ක්‍රියාවලට පෙලඹෙන්නේ නිලධාරින්ගේ පෙනුම, හැඩය නැති වෙන්නේ ක්‍රීඩාවට යොමු නොවීම සහ නිවරදි ශාරීරික යෝග්‍යතාවය පවත්වා නොගැනීම නිසයි. තමන් හොඳ ශාරීරික සෞඛ්‍යයෙන් සිටින නිලධාරියෙක් නම් ඒක පොලිස් දෙපාර්තමේන්තුවට හොඳ ආයෝජනයක් වෙනවා. එවිට නිලධාරින්ට තමන්ගේ රාජකාරි හොඳින් කරගෙන යෑමට අවස්ථාව උදාවෙනවා. පොලිස් නිලධාරියකු සේවයේ සිටින විටත්, විශ්‍රාම ගියත් හොඳ ශාරීරික යෝග්‍යතාවක් පවත්වා ගෙන යා යුතු වෙනවා යැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසීය.
‘‘ශරීරික යෝග්‍යතාවය නිසි පරිදි පවත්වාගෙන නොයෑම හේතුවෙන් පොලිස් නිලධාරීන් අකල් මරණවලට ලක්වෙනවා. එම නිසා නිලධාරින්ට පොලිස් ස්ථාන මට්ටමින් ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දිය යුතුයි. ඒ අනුව සෑම පොලිස් ස්ථානයකම පොඩි ජිම් එකක් (mini Gim) රාත්‍රි කාලයේදී ක්‍රීඩා කළ හැකි වොලිබෝල් කෝට් එකක්, බැට්මින්ටන් කෝට් එකක් පිහිටුවීම ට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙනවා’’ යැයි පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් පවසයි.


