අවාරයේ ශ්‍රී පාදයේ යන්න ගිය පිරිසක් පැමිණි මෝටර් රථයක් මෝහිණි ඇළට පෙරළෙයි
20 August 2026
අවාරයේ ශ්‍රී පාදයේ යන්න ගිය පිරිසක් පැමිණි මෝටර් රථයක් මෝහිණි ඇළට පෙරළෙයි
20 August 2026
අවාරයේ ශ්‍රී පාදයේ සංචාරයක් සදහා පැමිණි පිරිසක් රැගත් මෝටර් රථයක් නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මාර්ගයෙන් ඉවතට පැන මෝහිණි ඇලට පෙරලීමෙන් අනතුරක් සිදු වී ඇති බව නල්ලතන්නි පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ඩී.නිරෝෂන් මහතා පැවසීය.
වව්නියාව සහ කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් (19) දින රාත්‍රී 11:00ට පමණ නල්ලතන්නි පොලිසිය වෙත පැමිණ තමන්ට ශ්‍රී පාද සංචාරයක් සදහා යෑමට අවශය බව පවසා ඇති අතර,එහිදි පොලිස් නිළධාරින් එම පිරිස හමුවේ කියා ඇත්තේ පවතින අයහපත් කාලගුණයත් සමග රාත්‍රීයේ සංචාරය කිරිම සුදුසු නොවන නිසා ඒ සදහා (20) දින උදෑසන පැමිෙණන ලෙසයි පොලිසියේ උපදෙස් පිලිගත් එම පිරිස නාවාතැනක් සොයා ගැනීම සදහාආපසු මෝටර් රථයෙන් යන අතරතුර (19) දින රාත්‍රී 12:00ට පමණ මෝහිණි ඇල්ල ප්‍ර දේශයේදි මාර්ගයෙන් ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
මෝටර් රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සිටි බවත්, අනතුරින් ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති වුවත් අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.
මේ අතර, එම ස්ථානයේම නල්ලතන්නිය සිට මස්කෙළිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් (22) දින උදෑසන 7.30ට පමණ අනතුරට පත් විමෙන් එම ත්‍රී රෝද රථයේ ගමන් ගත් පාසල් සිසුවියක් ඇතුලු පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
අනතුර පිලිබද නල්ලතන්නි පොලිසිය පරික්ෂණ පවත්වයි.

