හෘදයාබාධයට දෙන එන්නත් තොගයක් භාවිතයෙන් ඉවතට
29 August 2025 | වරුණි පෙරමුණ
හෘදයාබාධයට දෙන එන්නත් තොගයක් භාවිතයෙන් ඉවතට
29 August 2025 | වරුණි පෙරමුණ
හෘදයාබාධ ඇතිවු අවස්ථාවන්වලදී රෝගීන්ට දෙනු ලබන ටෙනෙක්ටප්ලේස් (Tenecteplase) එන්නත් තොගයක් භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිර්දේශ කර තිබේ.
මෙම ඖෂධය සම්බන්ධව රෝහල්වලින් ලැබුණු පැමිණිලිවලින් අනතුරුව මෙම එන්නත් තොගය භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය ආරංචිමාර්ග සඳහන් කරයි. අදාළ එන්නත් තොගය ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා ඇත්තේ TNV 1B24A08 සහ TNV1B24E07 යන කාණ්ඩ අංක යටතේය.
මීට පෙර ගෙන්වනු ලැබු ටෙනෙක්ටප්ලේස් (Tenecteplase) එන්නත් මේවනවිට රෝහල් තුළ පවතින බවත් ඒවායේ හිඟයක් නොමැති බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වුවද රෝහල් තුළ භාවිතය සඳහා මේ වෙනුවට විකල්ප එන්නත් ද ඇති බව වෛද්‍යවරු පවසති.

