brand logo
logo
නීතිවිරෝදී මත් පැන්  විකිණූ දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝදී මත් පැන් විකිණූ දෙදෙනෙක් අත්අඩංගුවට

25 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


වප් පොහෝ දා බලපත්‍රයක් නොමැතිව රජයේ අනුමත රා බෝතල් වතු කම්කරුවන්ට අලෙවි කල සැකකරුවන් දෙදෙනෙකු හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් රා බෝතල් 55ක් සමග අද (25) දින අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරුවන් දෙදෙනා බගවන්තලාව කර්කස්වෝල් වතුයායේ මැද කොටසේ පදිංචිකරුවන් බවත්, වප් පොහෝ දා මත්පැන්සල් වසා දමා ඇති නිසා වතු කම්කරුවන්ට අධික මිලකට රා බෝතල් අලෙවි කිරිම සදහා රා බෝතල් තොගයක් රැගෙන ගොස් සැකකරුවන් පදිංචි නිවසේ වෙන් වෙන් වශයෙන් සගවා තිබියදී කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර සැකකරුවන් සහ මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා බගවන්තලාව පොලිසිය වෙත භාර දී ඇත.

 

More News..