මෙටා සමාගමට අමෙරිකානු අධිකරණයකින් ඩොලර් බිලියන 25ක දඩයක්
22 October 2026
මෙටා සමාගමට අමෙරිකානු අධිකරණයකින් ඩොලර් බිලියන 25ක දඩයක්
22 October 2026
පරිශීලක දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් අසත්ය තොරතුරු හෙළිදරව් කිරීමේ චෝදනාවට ලක් වූ මෙටා සමාගමට අමෙරිකානු අධිකරණයක් විසින් ඩොලර් බිලියන 25ක දැවැන්ත දඩ මුදලක් නියම කර තිබේ.
ෆේස්බුක්, ඉන්ස්ටර්ග්රෑම් සහ වට්ස්ඇප් හි මව් සමාගම වන මෙටා වෙත මෙලෙස අධිකරණයක් මඟින් පැනවූ ඉතිහාසයේ ඉහළම දඩ මුදල මෙය වන බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
නිව් මෙක්සිකෝ අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇති අතර, මෙම දඩ මුදල අදාළ ප්රාන්තය තුළ මෙටා සමාගමේ එක් කාර්තුවක ලාභයට සමාන වන බව සඳහන් වේ.
පරිශීලකයන්ගේ දැනුවත්භාවයකින් තොරව ඔවුන්ගේ පෞද්ගලික දත්ත වසර ගණනාවක් පුරා තෙවැනි පාර්ශ්ව වෙත ලබා දී ඇති බව නිව් මෙක්සිකෝ අධිකරණ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දත්ත සුරක්ෂිතතාව පිළිබඳ අසත්ය ප්රකාශ කිරීම මෙන්ම පරිශීලකයන් නොමඟ යැවීම යන චෝදනා යටතේද මෙටා සමාගම වරදකරු බවට අධිකරණය තීන්දු කර තිබේ.

