අමෙරිකාවේ රෝගීන් ප්‍රවාහනය කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටේ
01 February 2025
අමෙරිකාවේ රෝගීන් ප්‍රවාහනය කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටේ
01 February 2025
අමෙරිකාවේ ෆිලඩෙල්ෆියාහි රෝගීන් ප්‍රවාහනය කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටී තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි එක් ළමා රෝගියෙකු ඇතුළු 6 දෙනෙකු සිට ඇති බවයි
දිවි ගලවා ගත් කිසිවෙකු මෙතෙක් තහවුරු වී නොමැති බව ගිලන්රථ සේවා සමාගම ප්‍රකාශ කළේ ය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළේ, ගුවන් යානය කඩා වැටීමට කණගාටුවට කරුණක් බවයි.
ෆිලඩෙල්ෆියා සිට ගුවන් තොටුපොළේ ස්ප්‍රින්ග්ෆීල්ඩ් දක්වා ගුවන් යානය පියාසර කරමින් තිබුණි.
මේ අතර, පසුගියදා වොෂිංටන් නුවර ඇමෙරිකන් එයාර්ලයින්ස් ගුවන් යානයක් සහ අමෙරිකානු ගුවන් හමුදාවට අයත් බැක් හෝක් හෙලිකොප්ටරයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය.
අනතුරින් පුද්ගලයන් 67 දෙනෙකු මිය ගිය බවට සැක කෙරෙන අතර සොයාගෙන ඇති මළසිරුරු සංඛ්‍යාව 41 කි.

