අමෙරිකාව නව තීරුබදු පනවයි
25 November 2026
අමෙරිකාව නව තීරුබදු පනවයි
25 November 2026
චීනය, ඉන්දියාව සහ යුරෝපා සංගමය ඇතුළු සිය ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් 14 දෙනෙකු වෙත නව තීරුබදු පැනවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.
ඒ අනුව සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, කාම්බෝජය, තායිලන්තය, දකුණු කොරියාව, වියට්නාමය, තායිවානය, බංග්ලාදේශය සහ ජපානය යන රටවලට ද මෙම නව තීරුබදු ප්‍රතිපත්තිය බලපැවැත්වෙන බව සඳහන් වේ.
මෙලෙස නව බදු අයකිරීමට ලක්වන රටවල් අතුරින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ චීනයට වන අතර, ඔවුන්ට 40%ක් දක්වා වූ ඉහළම තීරුබදු ප්‍රතිශතයකට මුහුණ දීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, අමෙරිකාව විසින් ප්‍රකාශයට පත් කළ මෙම නව තීරුබදු ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් කර නොමැත.


