ස්පාඤ්ඤයේ ලැව්ගින්නකින් 11දෙනෙකු ජීවිතක්ෂයට
10 July 2026
ස්පාඤ්ඤයේ ලැව්ගින්නකින් 11දෙනෙකු ජීවිතක්ෂයට
10 July 2026
දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා කලාපයේ දරුණු ලැව් ගින්නක් හටගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ලැව් ගින්නෙන් පුද්ගලයින් 11දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එමෙන්ම තවත් 19දෙනෙකු අතුරුදන්ව ඇත.
කඩා වැටුණු විදුලි රැහැනක් නිසා මෙම ගින්න හටගෙන ඇති බවට සැක කෙරෙන බව විදෙස් වාර්තා පවසයි.
එම ප්‍රදේශයට පවතින සෙල්සියස් අංශක 40ක පමණ දැඩි උණුසුම් කාලගුණය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් තිබේ.

