රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට දැනුම්දෙයි
21 August 2026
රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට දැනුම්දෙයි
21 August 2026
අද (21), හෙට (22) සහ අනිද්දා (23) යන තෙදින තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 04/2026 යටතේ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.
2026 අගෝස්තු 21 වන දින නිකුත් කළ එම චක්‍රලේඛයට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා අත්සන් කර ඇත.
ප්‍රවීණ සංගීතවේදිනී, විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස රජය විසින් ඊයේ ප්‍රකාශයට පත් කර තිබුණි.

