දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය හමුවෙයි
11 September 2026
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය හමුවෙයි
11 September 2026
දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට අද (11) අලුයම 3.00ට පමණ නාඳුනන පුද්ගලයකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.
සැකකරු එම ස්ථානයට පැමිණි බවට සැකකෙරෙන ත්‍රිරෝද රථය ඉහළ බෝපේ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පසුව සොයාගැනුණි.
සැකකරු නිවසේ දොරට තට්ටු කර, නිවැසියන් දොර විවෘත කළ අවස්ථාවේදී නිවස තුළට අත්බෝම්බය දමා ගසා ඇති බව පොලීසිය සඳහන් කරයි. මෙම ප්‍රහාරයෙන් නිවසේ නිදාසිටි 11 සහ 17 යන වයස්වල පසුවූ දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
එමෙන්ම, ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔවුන්ගේ 55 හැවිරිදි පියාගේ පාදයකට හානි සිදුව ඇති අතර, ඔහුට එරෙහිව කිසිදු අපරාධ චෝදනාවක් නොමැති බව පොලීසිය තහවුරු කරයි.
සැකකරු පැමිණෙන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබූ අතර, අද උදෑසන සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලදී.
ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

