ගලේවෙල ටිපර් රථයක් ඇළට පෙරළීමෙන් රියදුරුට තුවාල
28 October 2026 | කේ .කේ . ආරියදාස-දඹුල්ල
ගලේවෙල ටිපර් රථයක් ඇළට පෙරළීමෙන් රියදුරුට තුවාල
28 October 2026 | කේ .කේ . ආරියදාස-දඹුල්ල
දඹුල්ල කුරුණෑගල ප්රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම ප්රදේශයේදී (28) දින අළුයම ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පාලමක ආරක්ෂිත වැට කඩාගෙන ඇලට පෙරළී එහි රියදුරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කොට ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
කුරුණෑගල ප්රදේශයේ සිට දඹුල්ල දෙසට ටිපර් රථය ධාවනය වෙමින් තිබියදී රියදුරු මහතා හට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි ගලේවෙල පොලිසිය සැක පළ කරති.
අනතුරෙන් තුවාල ලැබූ රියදුරු මේ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසති.
ගලේවෙල පොලිසිය සඳහන් කළේ තලකිරියාගම කළු පාලම නැමති ස්ථානයේ අවස්ථා ගණනාවකදීම මේ ආකාරයටම රිය අනතුරු සිදුව මෙම ඇළට වාහන පෙරළී අනතුරු සිදුව ඇති බවය.
ආරක්ෂිත බැමි දැන්වීම් පුවරු ආදී සියල්ල සවිකර තිබියදී රියදුරන්ගේ නොසැලකිල්ල හේතුවෙන් රාජ්ය දේපළ මෙන්ම පෞද්ගලික වාහනවලට ජීවිතවලටද හානි සිදුවන බව පොලිසිය සඳහන් කර සිටිති.

