"රටකට වඩාත්ම වැදගත් සහ වටිනාම සම්පත දරුවන්" - දිලිත් ජයවීර
01 October 2026
"රටකට වඩාත්ම වැදගත් සහ වටිනාම සම්පත දරුවන්" - දිලිත් ජයවීර
01 October 2026
රටක වඩාත්ම වැදගත් සහ වටිනාම සම්පත මෙන්ම අනාගත පරම දායාදය වන්නේ දරුවන් බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
අනාගත උරුමකරුවන් වන දරුවන් වෙනුවෙන් ලෝකය වඩාත් යහපත් සහ පොහොසත් ස්ථානයක් බවට පත්කිරීම වර්තමාන සමාජයේ මහා වගකීමක් බව පෙන්වා දෙන ඒ මහතා, වර්තමාන ළමා පරපුර හමුවේ නිමක් නැති අභියෝග රැසක් මතුව ඇති බවද පෙන්වා දෙයි. විශේෂයෙන්ම අන්තර්ජාලයේ අහිතකර බලපෑම්, විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සහ අයහපත් උප සංස්කෘතීන් සමාජය පුරා පිළිකාවක් මෙන් පැතිර යමින් දරුවන් ගිලගැනීමේ තර්ජනයක් මතුව ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
එබැවින් දරුවන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය වෙනුවෙන් සමස්ත සමාජයම වගකීමෙන් කටයුතු කළ යුතු බවත්, ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ජනතා නියෝජිතයන් ලෙස තමන් ඇතුළු පිරිස කැපවී සිටින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

