දීපාවලී උත්සවය වෙනුවෙන් විශේෂ බස් සේවාවක්
04 November 2026
දීපාවලී උත්සවය වෙනුවෙන් විශේෂ බස් සේවාවක්
04 November 2026
දීපාවලී උත්සවයට කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලය හා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විශේෂ බස් සේවාවක් යොදවා තිබේ.
ලංකා ගමනා ගමන මණ්ඩලය හා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සදහන් කරන්නේ මගී ඉල්ලුමට සරිලන පරිදි බස් රථ ධාවනය කරන බවය.
දීපාවලී උත්සවය ලබන 08 වැනිදාට යෙදී තිබෙන අතර ඒ වෙනුවෙන් කොළඹ සිට දහස් සංඛ්‍යාත පිරිසක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල හා බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පලවෙත (06 වැනිදා) සිට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරේ.
මේ අතර ලංකා ගමනා ගමන මණඩලයේ ආසන වෙන්කිරීමේ සේවය පවත්වාගෙන යන සමාගම සදහන් කරන්නේ ආසන වෙන්කිරීම් සිදුවන බස් රථ බොහෝ ප්‍රමාණයක් මගින් විසින් කල් ඇතිව වෙන්කරවාගෙන අවසන් බවය.
හැටන්, තලවාකැලේ, නුවරඑළිය වැනි කදුකර ප්‍රදේශවලට 06 සහ 07 දෙදින ධාවනය වන බස් රථවල ආසන බොහෝමයක්ම මේ වනවිටත් වෙන් වී අවසන් බව ආසන වෙන්කිරිමේ සේවයේ කාර්ය භාර නිලධාරී විමල් සිරිවර්ධන පැවසීය.
ෙමීට අමතරව යාපනය, වව්නියාව, බදුල්ල, මඩකලපුව, අම්පාර වැනි ප්‍රදේශවලට එම දිනවල ගමන් කරන බස් රථවල ආසනද සීඝ්‍ර වශයෙන් වෙන් වෙමින් පවතින බවද කියා සිටි කාර්යභාර නිලධාරිවරයා 1315.lk හෝ sltbeseat.lk වෙබ් අඩෙවිවලට පිවිස ආසන වෙන්කර ගැනීම් කල් වේලා ඇතිවම සිදුකර ගන්නා ලෙසද ඉල්ලා සිටියි.

