වාහන ආනයනය සඳහා සහනයක් ලබා නොදෙන්නේ කුමන හේතුවක් මතද ?
14 November 2026 | සාලිය කුමාර ගුණසේකර
වාහන ආනයනය සඳහා සහනයක් ලබා නොදෙන්නේ කුමන හේතුවක් මතද ?
14 November 2026 | සාලිය කුමාර ගුණසේකර
අය වැය මගින් වාහන ආනයනය සඳහා සහනයක් නොලැබීම නිසා ඉදිරියේදී වාහන මිලෙහි අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බව වාහන ආනයනකරුවෝ කියා සිටිති.
මෙවර අය වැය මගින් වාහන ආනයනයට අදාළව යම් සහනයක් ලැබතැයි අපේක්ෂාවෙන් සිටි බවද ඔවුහු කියා සිටිති.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගු මාධ්‍ය වෙත කියා සිටියේ වාහන ආනයනය සඳහා සහනයක් ලබා නොදෙන්නේ කුමන හේතුවක් මතද යන්න සිය සංගමය විසින් මුදල් අමාත්‍යාංශයෙන්ද විමසීමක් කළ බවය.
මෙම විමසීමේදී අමාත්‍යාංශය විසින් මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය සහ රට තුළ පවතින ඩොලර් සංචිතය සම්බන්ධව කරුණු ඉදිරිපත් කළ බවද ඔහු පැවසීය. වාහන සඳහා බලපැවැත්වෙමින් තිබූ අධිභාර, බදු තවදුරටත් නොවෙනස්ව පවතින බැවින් වාහන මිල ගණන්වල අඩුවීමක් සිදුනොවන බවද ඔහු කීවේය.


