රන් මිල යළිත් ඉහළට
25 March 2026
රන් මිල යළිත් ඉහළට
25 March 2026
ලෝක වෙළඳපොළේ මේ වන විට රන් මිලෙහි වැඩිවීමක් සිදු වී තිබේ.
ඊට සාපේක්ෂව මෙරට රන් මිල ගණන් ද ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වේ.
ලෝක වෙළඳපොළේ රන් මිල අවුන්සයක් ඩොලර් 4,569ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොළෙහි රන් මිල රුපියල් 8,000ක් ලෙස ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වේ.
කැරට් 22 රන් පවුමක මිල රුපියල් 361,500ක් ලෙස සටහන් වී තිබේ.
මේ අතර ඊයේ (24) රුපියල් 385,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද (25) වන විට රුපියල් 393,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වේ.

