brand logo
logo
LPL ප්‍රසාද ලකුණු සටහනේ සිදුවූ වෙනස

LPL ප්‍රසාද ලකුණු සටහනේ සිදුවූ වෙනස

27 July 2026


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැති තරග සියල්ල අවසන්වීමත් සමග මෙම තරගාවලියේ මේ වන විට තරග 14ක් පවත්වා තිබේ.


ඒ, අනුව ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ රැදී සිටීමට ගෝල් ග්ලෑන්ට්ස් කණ්ඩායම සමත්ව ඇත.


ගෝල් ග්ලෑන්ට්ස් තරග 6කට ක්‍රීඩා කර ඉන් තරග 4ක් ජයගෙන රැස්කර ගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8කි.


කලම්බෝ කැප්ස් පිල ප්‍රසාද ලකුණු 6ක් ලබාගෙන තිබෙන්නේ තරග 5කට පමණක් ක්‍රීඩා කර ඉන් තරග 3ක් ජයගනිමිනි.


ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ සිටින ජැෆ්නා කිංග්ස් පිල රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 6කි.


දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සිව්වැනි ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 4ක් ද සමගිනි.


ලංකා ප්‍රිමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටින්නේ කැන්ඩි රෝයල්ස් කණ්ඩායමයි.

 

More News..