brand logo
logo
කෝටි 5ක මත්ද්‍රව්‍ය සමග විදේශිකයෙකු කටුනායකදි අත්අඩංගුවට

කෝටි 5ක මත්ද්‍රව්‍ය සමග විදේශිකයෙකු කටුනායකදි අත්අඩංගුවට

29 October 2026 | ටී.කේ.ජී.කපිල-කටුනායක


රුපියල් හතලිස් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකුඊයේ (28) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .


 මොහු 46 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික ඉංජිනේරුවරයෙකි .


ඔහු සිය ගමන් මල්ල තුළ රුපියල් දහනව කෝටි අසූ ලක්ෂයක් වටිනා කිලෝ ග්‍රෑම් 13 ග්‍රෑම් 173 ක් බරැති එක්ස්ටැසී ( Ecstasy ) මත් පෙති 23,000 කට අධික ප්‍රමාණයක් සගවා ගෙන තිබුණි . 


මෙම මත්පෙති තොගය ශ්‍රී ලංකාව තුළ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම මත්පෙති තොගය බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙකු පැවසීය .


එසේම ඊට අමතරව කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 121 ක ප්‍රමාණයක් ද එම ගමන් මල්ල තුළ සගවා ගෙන තිබූ අතර මෙම මත්ද්‍රව්‍ය තොගය , විශාල ප්‍රමාණයේ චොකලට් පැකැට් ලෙස පිටතට පෙනෙන සේ අසුරා සකස් කර ගෙන තිබුණි.


 මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ප්‍රංශයේ පැරිස් නුවරින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 09.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .


 

More News..