අගමැතිනිය, වැඩබලන අටමස්ථානාධිපති හිමි බැහැදකී
11 October 2026
අගමැතිනිය, වැඩබලන අටමස්ථානාධිපති හිමි බැහැදකී
11 October 2026
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, වත්මන් වැඩ බලන අටමස්ථානාධිපති ඊතල වැටුණුවැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගෙන තිබේ.
උතුරුමැද පළාතේ පාසල් නිරීක්ෂණය කිරීමට පැමිණි අතරතුර අග්‍රාමාත්‍යතුමිය අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේ බැහැ දැකීමට මෙලෙස පැමිණ ඇත.
එහිදී රජය ගෙන යන නව වැඩපිළිවෙලට ආශිර්වාද කළ අටමස්ථානාධිපති හිමියන් අධ්‍යාපන ප්‍රතිපත්ති, රාජ්‍ය ප්‍රතිපත්ති මෙන්ම කෘෂිකාර්මික ප්‍රතිපත්ති පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම පිලිබඳව දැනුවත්කරමින් කෙටි අනුශාසනාවක්ද පවත්වා තිබේ.
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද සහභාගී විය.

