ලෝක ජනාවාස දිනය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 131ක් ජනතා අයිතියට
03 October 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්
ලෝක ජනාවාස දිනය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 131ක් ජනතා අයිතියට
03 October 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්
ඔක්තෝබර් 5 දිනට යෙදෙන ලෝක ජනාවාස දිනය 2026 සැමරුම ට සමගාමිව "තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්' ආධාර නිවාස වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉදි වු නිවාස 131 ක් ජනතා අයිතියට පත් කිරිමට පියවර ගන්නා බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරු අතුල බණ්ඩාර පැවසීය.
ඔහු සඳහන් කලේ මෙම වැඩසටහන යටතේ එදිනට රට පුරා නිවාස 5000 ක් ජනතා අයිතියට පත්කිරිම සිදු වන බවය.
මෙම වසර තුල නුවරඑළිය දිස්ත්‍රික්කයේ අනාරක්ෂිත නිවාසවල දිවි ගෙවු පවුල් 255කට නව නිවාස ඉදිකිරීම සදහා කටයුතු සිදු කරන බවත්, මේ වනවිට වැඩ අවසන් නිවාස 131 මෙලෙස ජනතා අයිතියට පත් කරන බවත් ය.
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 13 ක්, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 07 ක්, නෝර්වුඩ් ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 06ක්, තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 02 ක්, වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 22 ක්, නිල්දණ්ඩාහින්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 19 ක්, හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 26ක් සහ මතුරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 18ක් ලෙස එලබෙන ඔක්තෝබර් 5 දින ජනතා අයිතියට පත් කිරිමට නියමිතය.
දිස්ත්‍රික් ප්‍රධාන උත්සවය නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මංජුල සුරවීර ආරච්චි සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය හාවාඑළියේ දි සිදු කිරිමට නියමිත බවද අතුල බණ්ඩාර තව දුරටත් පැවසීය.

