brand logo
logo
ක්‍රිෂ් නඩුවට නාමල්ට ඇප

ක්‍රිෂ් නඩුවට නාමල්ට ඇප

03 November 2026

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.


නාමල් රාජපක්ෂ මහතාගේ මව සහ පියා දැඩි ලෙස අසනීප තත්ත්වයකින් පසුවන බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා ඔහු ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු ඉකුත්දා අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණි.


එහෙත් එම ඉල්ලීමට අල්ලස් කොමිසම විසින් විරෝධය පළ කරනු ලැබීය.

කෙසේ වෙතත් දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය අද ප්‍රකාශයට කළේය.

කොළඹ , ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ පිහිටි ඉඩමක් ඉන්දියානු ක්‍රිෂ් සමාගමට බහු කාර්ය ව්‍යාපෘතියක් සඳහා ලබාදීමේ කටයුතු ඉටුකරදීම සඳහා රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර තිබුණි


 

More News..