brand logo
logo
ජ‘පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වේ

ජ‘පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වේ

06 July 2025 | වරුණි පෙරමුණ

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයකු ඉල්ලා අස්වී තිබේ. මෙසේ ඉල්ලා අස්වී තිබෙන්නේ එම රෝහලේ සේවය කරන ලද විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකි.


ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පසුගියදා රෝහල් පාලනාධිකාරිය වෙත භාර දී ඇත. පෞද්ගලික අවශ්‍යතාවක් මත රෝහලෙන් ඉවත් වන බවට එම විශේෂඥ වෛද්‍යවරයා සිය ලිපියෙන් දැනුම් දී තිබේ.


කෙසේ වුවද මෙම රෝහලේ තවත් එක් විකලාංග විශේෂඥ වෛද්‍යවරයකු සේවය කරන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම රෝහලේ සේවය කරනු ලැබු ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන අට වැනිදා (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අධිකරණය නියෝග කළේය. එම විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගනු ලැබුවේ ශල්‍ය ආයිතම රෝහලේ තිබියදී පිටතින් මිලදී ගන්නා ලෙස රෝගින්ට දැනුම් දීම ඇතුළු චෝදනා රැසකටය.

 

More News..