ඉන්දියාවේ බස් රථයක් ට්‍රක් රථයක ගැටී 18ක් මරුට
29 July 2025
ඉන්දියාවේ බස් රථයක් ට්‍රක් රථයක ගැටී 18ක් මරුට
29 July 2025
ඉන්දියාවේ ජාර්කන්ඩ් හිදී බස් රථයක් සහ ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ඉන්දියාවේ මොහාන්පූර් පොලිස් ස්ථාන සීමාව තුළ ජමුනියා වනාන්තරය අසලදී මෙම අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ආසන්නයේ පිහිටි රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත ඇතුළත් කර තිබේ.