brand logo
logo
පොලිස් නිෂ්කාශන සහතික ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංක 03ක්

පොලිස් නිෂ්කාශන සහතික ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංක 03ක්

17 September 2026


පොලිස් නිෂ්කාශන සහතික පත් ලබාගැනීමට අදාළව ගැටලු ඉදිරිපත් කිරීම සඳහා නව දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ. 


පැය 24 පුරා ක්‍රියාත්මක අදාළ දුරකථන අංක ඔස්සේ පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය අමතා අයදුම්කරුවන්ට නිෂ්කාශන අයදුම්පත් යොමුකිරීමට අදාළව ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.


පරිගණක පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික ලබාගැනීම සඳහා අයදුම්පත් යොමුකිරීම මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබේ.


නිෂ්කාශන පරිගණක පද්ධතිය යථාවත් වන තුරු ප්‍රාදේශීය පොලිස් ස්ථාන මට්ටමින් අදාළ නිෂ්කාශන සහතික ලබාගැනීම සඳහා වන අයදුම්පත් භාරගැනීම සිදුවන බව මාධ්‍ය පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා සඳහන් කළේය.


මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් 071 859 59 46 , 071 859 59 47 , 071 859 59 48 යන දුරකථන අංක ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගැනීමට හැකියාව පවතින බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

 

More News..