brand logo
logo
විශ්වවිද්‍යාලයක පිහි ඇනුමක්

විශ්වවිද්‍යාලයක පිහි ඇනුමක්

18 September 2023

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක දී සිදුකළ පිහි ඇනුමක් සහ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගතකර තිබේ.


මෙම පිහි ඇනුම සිදුකර ඇත්තේ කැන්බරා නුවර ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය තුළදීය.


මෙලෙස පිහි ඇනුමට ලක්ව ඇත්තේ 20 හැවිරිදි වියේ පසුවන සිසුවියන් දෙදෙනකි.


එහිදී පහරකෑමට ලක්වූ 34 හැවිරිදි වියේ පසුවන අයකුද රෝහල්ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.


මේ අතර පිහි ඇනුමට ලක්ව රෝහල්ගතකර ඇති සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවද වැඩිදුරටත් වාර්තාවෙයි.


සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.



 

More News..