පාසල් පාවහන් තිළිණපත් වැඩසටහන ක්‍රියාත්මක වන කාලසීමාව ප්‍රකාශයට පත් වෙයි
23 November 2026
පාසල් පාවහන් තිළිණපත් වැඩසටහන ක්‍රියාත්මක වන කාලසීමාව ප්‍රකාශයට පත් වෙයි
23 November 2026
2027 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් සහ සීලමාතාවන් වෙත පාවහන් ලබා ගැනීම සඳහා තිළිණපත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අධ්‍යාපන බලධාරීන් විසින් නිවේදනය කර තිබෙන අතර, දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි ක්‍රමවේද දෙකක් යටතේ පාවහන් ලබාදීමට සැලසුම් කර ඇත.
බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර සහ වයඹ යන පළාත් පහේ පාසල් සිසුන් වෙනුවෙන් දේශීය පාවහන් සැපයුම්කරුවන් විසින් පාසලටම පැමිණ පාවහන් ලබාදීමට නියමිතය.
එමෙන්ම, මධ්‍යම, උතුර, උතුරු මැද සහ ඌව යන පළාත් හතරේ පාසල් සිසුන්ට තමන්ට ලැබෙන තිළිණපත් මගින් විවෘත වෙළඳපොළෙන් පාවහන් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.
මෙම වැඩසටහනට අදාළව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සහ වවුචර්පත් පරිලෝකනය කිරීමේ (Scanning) කටයුතු සිදු කෙරෙන කාලසීමාවන් ද ප්‍රකාශයට පත් කර තිබේ.


