brand logo
logo
දින 20කදී අලි මරණ 30ක්

දින 20කදී අලි මරණ 30ක්

03 September 2025

ඉකුත් ජූලි 22 වැනිදා සිට අගෝස්තු 12 වැනිදා දක්වා දින 20ක කාලයේදී අලි 30 දෙනකු මියගොස් ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


මෙම අලි 30 දෙනාගෙන් පස් දෙනකුම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීම් නිසා බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


මේ අතර මෙම වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මස 12 වැනිදා දක්වා කාලයේදී අලින් 268 දෙනකු මියගොස් ඇත. ඒ අනුව ඉකුත් ජනවාරි මාසයේදී පමණක් අලි මරණ 47ක් වාර්තා විය.


ඉකුත් වසරේදී (2024) අලි මරණ 388ක් වාර්තා වී ඇති අතර මෙම වසරේදී අලි මරණ සංඛ්‍යාව ඉකුත් වසරට සාපේක්ෂව ඉහළ යනු ඇති බවට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

More News..